ඡන්ද හිමි නාමලේඛන සඳහා නම් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදුකිරීමට මැතිවරණ කොමිසම මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන අයුරින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට නව ක්‍රමය යටතේ වන ඡන්ද හිමි නාමලේඛන යොමු කරනු ඇති.
ඒ පිළිබඳව අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් කියා සිටියේ ඡන්ද හිමි නාමලේඛනය ගෘහමූලිකයා සම්පූර්ණ කිරීම වෙනුවට මීට පෙර එහි නම් ඇතුළත් සාමාජිකයින්ගේ තොරතුරු මුද්‍රණය කර ලබාදීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව අලූතින් එකතුවන අයෙකුගේ නම පමණක් ඡන්ද හිමි නාමලේඛනයේ සටහන් කිරීම ප්‍රමාණවත් වනවා.