Gossips

හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 65ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ සවස 2ට පමණ වැටලීම සිදුකර තිබුනේ.
එහිදී හෙරොයින් සහ සැකකරුවන් දෙදෙනා සමග මෝටර් රථයක් ද අත්අඩංගුවට ගැනුනා.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලිසිය කියාසිටියේ.
අවුරුදු 58 සහ 43 වයස්වල පසුවන මෙම පුද්ගලයන් දෙදෙනා රත්ගම සහ ඌරගස්මංහන්දිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් දෙදෙනා අද බලපිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.