Gossips

ඇමති බලෙන් ගැලවෙන ගස්

මෙරට දේශපාලන බලධාරීන් ගන්නා ඇතැම් අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් මෙරට පරිසරයට පසුගිය කාලය පුරා සිදුවු හානිය සුළු පටු නැහැ.
එවැනිම දේශපාලන හස්තයකින් මේ දිනවල වී අලවි මණ්ඩලයට අයත් භූමියක දැවැන්ත කොහොඹ ගස් විනාශයක් සිදුකෙරෙමින් පවතිනවා.
ඒ පිළිබදවයි අද සී.අයි.ඒ. අනාවරණය.
මෙරට සතු විශාලතම සහල් මෝල් 04 න් එකක් ලෙස සැලකෙන වී අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ ස්ථාපිත සහල් මෝලෙහි කලමනාකාරීත්වය පසුගිය කාලයේ විදේශීය සමාගමකට ලබා දී තිබුනා.
කෙසේ වෙතත් මේ වනවිට එහි කලමනාකාරීත්වය නැවත මෙරට පෞද්ගලික සමාගමක් විසින් ලබගෙන තිබෙනවා.
හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී හෙළි වුයේ මේ වනවිටත් මෙම භූමි පරිශ්‍රයේ වසර ගණනාවක් පැරණි කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු අවසරයකින් තොරව මෙලෙස කපා රැගෙන ගොස් ඇති බවයි.
වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ අනුදැනුම මත මෙම විනාශය සිදු වන බවටයි හිරු සී.අයි.ඒ.තොරතුරු අනාවරණය කර ගත්තේ.
මෙලෙස කපා බිම හෙළනා ගස් රැගෙන යන්නේ ද අදාල ඇමතිවරයාට අයත් ලොරි රථවලින්ම බවට ප්‍රදේශවාසීන් හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු ලබා දුන්නා.
මෙහි භූමිය, ගොඩනැගිලිල වෘක්ෂ ලතා ඇතුළු භොතික සම්පත් සියල්ල රාජ්‍ය දේපල වන අතර එම රාජ්‍ය දේපල මෙලෙස දේශපාලන අතපෙවීම් හරහා විනාශ කර තම සුඛවිහරණය සදහා භාවිතා කළ හැකි ද ?
අප මේ පිළිබදව වී අලෙවි මණ්ඩලයේ නීතී නිලධාරීවරියගෙන් දුරකථනය හරහා කරුණු විමසා සිටියා.