Gossips

ජනපතිවරණය ජයගන්න සියලූ පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමට පොහොට්ටුව සූදානමින්

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම පාර්ශවයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කළුතර අද පැවති ජන හමුවකට එක්වෙමින් එහි සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නම් කරන අපේක්ෂකයාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බවයි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ වනවිට තීරණය කර අවසන් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පෙරමුණේ සියලූ පක්ෂ එක්ව සාමූහිකව එම තීරණය ගෙන ඇති බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.