Gossips

පාකිස්තාන මහකොමසාරිස් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මාට් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.
දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබදව ඔහු මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
පාකිස්තානය නිරතුරුවම කලාපීය සාමය වෙනුවෙන් කැප වී සිටින බව මහකොමසාරිස්වරයා මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ප්‍රකාශ කළ බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.