ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනය සිදුකරන බවයි අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එහි සියළු පාලිත සමාගම් මෙම ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.
එසේම රන්මිණිතැන්න සිනමා උද්‍යානය, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් මෙන්ම ආශ්රිත ආයතන විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත් කර ඇති බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.