Gossips

කඹුරුගමුවේ රිය අනතුරකින් අයෙක් මිය ගොස් දෙදෙනෙකුට තුවාල

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව – එපිටමුල්ල හන්දිය අසළ දී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් කැබ් රථයක් සමඟ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
මිය ගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් කළ පුද්ගලයෙකු වන අතර, එහි ගමන් කළ තවත් අයෙකු සහ ලොරි රථයේ රියදුරු තුවාල ලබා මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගාල්ල – පෝද්දල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.