Gossips

ගබ්සාවන් සිදුකළ වරදට සිර දඬුවම් විඳි කාන්තාවන් තිදෙනෙකුට නිදහස (ඡායාරූප)

තම දරු ගැබ ගබ්සා කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කාන්තාවන් තිදෙනෙක් එල්සැල්වදෝර් අධිකරණය මඟින් නිදහස් කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (08) දිනට දී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම කාන්තාවන් තිදෙනාට නිදහස හිමිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ගබ්සාවක් සිදුකළ තැනැත්තියකට දඬුවම් ලෙස වසර 30ක සිර දඬුවමක් එල්සැලවදෝරයේ දී හිමිවෙනවා.
මෙලෙස නිදහස ලැබූ කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනකු වසර 09 බැගින්ද අනෙක්‌ කාන්තාව වසර 11ක සිරදඬුවම් විඳ තිබෙනවා.
ගබ්සාව සඳහා ලොව දරුණුම දඬුවම ලබාදෙන රට ලෙස සැලකෙන්නේ එල්සැල්වදෝරයයි.