Gossips

විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කරන්නැයි, පාරිභෝගිකයන්ට ඉල්ලීමක්

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වල අද දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර, උණුසුම් කාලගුණය හේතුවෙන් විදුලිබල පද්ධතියේ දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පසුගිය කාලය හා සසඳන විට අද දිනය වනවිට දෛනික විදුලි ඉල්ලූම ගිගා වොට් 42 යි දශම 4 ක්.
මෙම තත්ත්වය ඉදිරි කාලය තුලද පවතිනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
කාලගුණික තත්ත්වය හමුවේ ජන විදුලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙසින් සීමා වීම හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ජන විදුලි බලාගාරවල දායකත්වය සියයට 20 ක් දක්වා අඩු වී තිබෙනවා.
මේ හේතුවෙන් ඉහළ යන විදුලි ඉල්ලූම අනුව, විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට අමාත්‍යාංශය, පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළා.