Gossips

20 – 20 පිටියේ පෙරළිකාරයන් විස්සයි විස්ස දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි

බටහිර ඉන්දීය කොදෙව් පිළ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවට එනම්, ලකුණු 45කට දවාලීමට සංචාරක එංගලන්ත පිළ ඊයේ සමත් වුණා.
ඒ දෙරට අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරඟයේදීයි.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 06කට ලකුණු 182ක් රැස් කළා.
ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් පිළට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 45ක් පමණයි.
ඒ අනුව එංගලන්තය මෙම තරඟය ජයග්‍රහණය කළේ ලකුණු 137කින්.
එහිදී ක්‍රිස් ජෝර්ඩන් කොදෙව් ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර අඩිල් රෂීඩ්, ලියම් ප්ලන්කට් සහ ඩේවිඩ් විලී කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.