Gossips

ශ්‍රී දේවිගේ මරණය සැකසහිතයි – සුබ්‍රමනියම් ස්වාමි කියයි

ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවිගේ මරණය මිනීමැරුමක් බවට තමන්ට සැකයක් පවතින බව ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මරණයට හේතුව දියේ ගිලීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ නමුත්, එය තහවුරු කිරීම සදහා සී.සී.ටී.වී දර්ශන නොමැති වීම ගැටලුවක් බවයි.
ඇගේ රුධිරයේ මධ්‍යසාර තිබූ බවට ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණා.
එහෙත්, සුබ්‍රමනියම් ස්වාමි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී දේවි අධි සාන්ද්‍ර මත්පැන් පානය නොකරන බවයි.
ඇගේ මරණය බොලිවුඩයේ ඉහළ පෙලේ නළු නිළියන් සමග සබදතා පවත්වන පාතාල සාමාජිකයින් විසින් සිදුකරන්නට ඇති බවට තමන් සැක කරන බව සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී දේවිගේ දේහය පිලිබද අවසන් කටයුතු මුම්බායිහිදී අද(28) සිදුකිරීමට නියමිත අතර, මහජනතාවට ගෞරව දැක්වීම සදහා දේහය මේ වනවිට ඇගේ නිවස ආසන්නයේ පිහිටි ස්ථානයක තැන්පත් කර තිබෙනවා.