Gossips

නාලක ද සිල්වාගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කොළඹ මහාධිකරණයට යොමු කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අවලංගු කර ඇප ලබාදෙන ලෙසයි නාලක ද සිල්වා සිය ඇප අයදුම්පත මගින් ඉල්ලා තිබුණේ.
එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රකාශ කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව නීත්‍යානුකූල බවයි.
ඒ අනුව ඇප අයදුම්පත විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරුවරයා තීන්දු කළා.
ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව ද පසුගිය දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.