Gossips

දුම්රිය මැදිරිය වෙන් කිරීම ගැන කාන්තාවන් සතුටින්

කාන්තාවන් සඳහා විශේෂ දුම්රිය මැදිරි එක් කිරීම පිළිබදව කාන්තාවන් සිය ප්‍රසාදය පළ කරනවා.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය සඳහා විශේෂ මැදිරි එක් කිරීමේ ජාතික වැඩසටහන අද පෙරවරුවේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම කාන්තාවන් සඳහා විශේෂ දුම්රිය මැදිරියක් වෙන්කිරිමේ තවත් වැඩසටහනක් අද අළුයම කුරුණෑගල දුම්රිය ස්ථානයේ සිදු කෙරුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
ඊට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම විශේෂ දුම්රිය මැදිරිවල පිරිමි පුද්ගලයින්ට ගමන් කිරිමට අවසරයක් නොලැබෙන බවයි.
කෙසේ වෙතත් අද අළුයම ගාල්ල දුම්රිය ස්ථානයේදි කාන්තාවන් සදහා වෙන්කල විශේෂ මැදිරියකට පිරිමි පුද්ගලයෙකු ඇතුල් වීමෙදි උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.
එහිදි ක්‍රියාත්මක වු දුම්රිය නිලධාරින් එම පුද්ගලයාට කරුණු පැහැදිලි කර දි තත්ත්වය සමථයකට පත් කල බවයි අප වාර්තා කරු කියා සිටියේ.
මේ අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා.
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද යූ.එල්. 306 දරණ එම යානය සිංගප්පූරුවට ගොඩ බස්සවනු ලැබූ බවයි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපද රජය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ජාත්‍යන්තර දිරිය කාන්තා ප්‍රණාමය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක ද තෝරා ගනු ලැබුවා.
මෙරට කාන්තා හා ළමා කාර්යාංශයේ සභාපතිනිය ලෙස කටයුතු කළ මරිනි ද ලිවේරා, වොෂින්ටනයේදී එම සම්මානය ඊයේ හිමි කර ගත්තේ එක්සත් ජනපද ප්‍රථම කාන්තාව වන මෙලනියා ට්‍රම්ප්ගේ අතින්.