Gossips

බිලියන 2.4ක ස්වෛරීත්ව බැඳුම්කර අලෙවි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර වෙළඳපොල සඳහා නිකුත් කළ ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක ස්වෛරීත්ව බැඳුම්කර අලෙවි වී ඇති බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කළා.
වසර 05 කින් සහ වසර 10 කින් කල් පිරෙන එම බැඳුම්කර අලෙවි කර ඇත්තේ 6.85% ක සහ 7.85% ක පොලී අනුපාත යටතේයී.
මෙම බැඳුම්කර අලෙවිය මෙරට විදේශ සංචිතය ශක්තිමත් කිරීම සඳහා වැදගත් වනු ඇති.
මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදීද ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක ස්වෛරීත්ව බැඳුම්කර අලෙවි කළා.
කෙසේ නමුත්, ඉන් පසු මෙරට බැඳුම්කර සඳහා ජාත්‍යන්තර විගණන වර්ගීකරණය බී ධන සිට බී දක්වා පහත හෙලා තිබෙනවා.