Gossips

‘කදිරානේ උක්කුවා’ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ලහිරු නයනජිත් හෙවත් කදිරානේ උක්කුවා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ, මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී හෙරොයින්, කේරළ ගංජා, මත්ද්‍රව්‍ය සමඟ කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදියක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් එක්ලක්ෂ 34,000කට අධික මුදලක් ද සොයාගෙන ඇති බව සඳහන්.