Gossips

කොල්ලුපිටියේ වෙළඳසැල් කිහිපයක ගින්නකින් 5කට තුවාල

කොල්ලුපිටිය මංසන්ධිය අසළ වෙළදසැල් පෙළක අද අලුයම සිදුවූ පිපිරීමකින් අනතුරුව හට ගත් ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම පිපිරීමෙන් අනතුරුව හට ගත් ගින්නෙන් වෙළඳසැල් 11කට හානි සිදුව ඇති අතර, ඉන් 3කට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පොලීසිය සැක පළ කරන්නේ මෙහිදී ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවටයි.