එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ක්රියා කලාපයට එරෙහිව විපක්ෂය පවත්වන මහජන රැලි මාලාවේ පළමු රැලිය අද මහනුවරදී ආරම්භ වනවා.
ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන්.
මේ සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ කිහිපයක් සහභාගි වන බවයි පාර්ලිමේන්තු මන්ත්රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
කෙසේ වෙතත්, ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර කියා සිටියේ පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය එක්ව පොදු සන්ධානයක් නිර්මාණය කරන තුරු තම පක්ෂය එම රැලි මාලාවට සහභාගි නොවීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම, යහපාලන ආණ්ඩුව පැවති සමයේ දහසයේ කණ්ඩායමක් ලෙස එම ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී.දිසානායක ඇතුළු පිරිසද මෙම රැලියට සහභාගි නොවන බවයි අප කළ විමසීමකදී මන්ත්රීවරයා කියා සිටියේ.