Gossips

ශීත ඍතුවේදීත් ධ‍්‍රැව අයිස් දියවේ

හිමෙන් වැසුණු ආක්ටික් ධ‍්‍රැවයේ නිරන්තරයෙන් වැසි ඇද හැලීම දැන් අසාමාන්‍ය ලෙස දක්නට ලැබෙන අතර, ඒ නිසා ශීත ඍතුවේ පවා ග්‍රීන්ලන්තයේ හිම තට්ටු දිය වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
මේ හේතුවෙන් සාගර ජල මට්ටම් ඉහළ යාම මෙන්ම, මිහිතලයේ උණුසුම්වීම ද වේගවත් වනු ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ආක්ටික් ධ‍්‍රැවයේ සියළුම හිම තට්ටු දිය වන්නේ නම්, සාගර ජල මට්ටම් මීටර් 7කින් පමණ ඉහළ යා හැකියි.