මෙවර අයවැයෙන් ගොවියාට සහනයක් ලබා දී නොමැති බව පවසමින් සහ වී සදහා සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසක ගොවි සංවිධාන නියෝජිතයන් විරෝධතාවල නිරතවුණා.
මේ අතර අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහ සම්බා සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
වී සදහා සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් සහ ගොවි ජනතාව සදහා අයවැයෙන් කිසිදු සහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විරෝධතා සංවිධාන කර තිබුණ.
මේ අතර හුරුළු වැව ඒකාබද්ධ ගොවි සංවිධානය පැවැත්වු උද්ඝෝෂනයක් ගලෙන්බිදුනු වැව නගරයේදී පැවැත්වුනා.
මේ සදහා ප්‍රදේශයේ ගොවි සංවිධාන 19ක් එක්ව සිටියා.