Gossips

ඇල්ල උණුසුම් කළ අනවසර කඩ කැඩිල්ල

ඇල්ල බල්ලකෙටුව නගරයේ තාවකාලිකව ඉදිකර තිබු මාළු වෙළඳසැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිවුනා.
එහිදී සිදුවු පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වසර ගණනාවක් පුරා පවත්වාගෙන ගිය මෙම මාළු වෙළඳ සැල අද දිනයේදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිසිය පැමිණ ඉවත් කිරීමට පියවර ගෙන තිබුනා.
එහිදීයි දෙපිරිස අතර උණුසුම් තත්වයක් ඇතිවුයේ.
පොලිස් නිලධාරියාට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.