Gossips

update : තඹුත්තේගම විරෝධතාව අතරතුර 44 ක් අත්අඩංගුවට – පොලීසියේ 4 ක් ඇතුලූ පිරිසකට තුවාල

තඹුත්තේගම නගරයේ පැවති ගොවි විරෝධතාව අතරතුර කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් 05 දෙනෙකු ඇතුලූ 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුලූ කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
අද දහවල් ගොවීන් අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගය තඹුත්තේගම නගරයෙන් අවහිර කරමින් සිදුකළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
රාජාංගනය ජලාශයේ ජලය උපයෝගි කරගෙන අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම සදහා ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියකට එරෙහිවයි ගොවීන් මෙම විරෝධතාව ආරම්භ කළේ.
මතුවූ උණුසුම් තත්ත්වය අතරතුර ඔවුන් පොලීසියට ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.
update : Wednesday, 28 February 2018 – 14.54
——————————————————————-
තඹුත්තේගම නගරයේ පැවැත්වෙන විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
රාජාංගනය ජලාශයේ ජලය උපයෝගි කරගෙන අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම සදහා ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියකට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ.
විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර – පාදෙණිය මාර්ගය ද තඹුත්තේගම නගරයෙන් අවහිර වී තිබෙනවා.
විරෝධතාකරුවන් තඹුත්තේගම පොලීසියට ද ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.