Gossips

උණුසුම් කාලගුණය හෙටත් – අවදානයෙන් සිටින්නැයි උපදෙස්

උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් හෙට දිනයේදීත් උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.