Gossips

මහබැංකුවේ වෝහාරික විගණන වලට විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට අනුමැතිය

ශ්‍රී ලංකා මහබැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
තාක්ෂණික යෝජනා ඇගයීමේ සහ මූල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵලය මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ සමාගමකින් මෙම සේවය ලබා ගැනීමට නියමිතයි.
මීට පෙර ද ශ්‍රී ලංකා මහබැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා සුදුසු ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණා.