Gossips

ලක් රජය ගැටළුවලට විසදුම් ලබාදීමට ජිනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් කාලයක් ඉල්ලයි

ජිනීවා මානව හිමිකම් සමුළුවට අදාළ ලක් රජයේ වර්තමාන පියවර සංහිඳියාව, සාමය ගොඩනැංවීම සහ ජාතික සමගිය සම්බන්ධයෙන් වන ගැටළුවලට විසඳුම් යෙදීමට වැඩි කාලයක් ඉල්ලා සිටීම පමණක් වන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ, කල් ඉල්ලා සිටීමේ යෝජනා සම්මතයට ලක් රජය සම අනුග්‍රහය දැක්වීමට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව අදහස් දක්වමින්.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කෙරෙන සම අනුග්‍රහය දක්වන කල් ඉල්ලීමේ යෝජනාවක් මගින් අදාළ කාල සීමාව දීර්ඝ කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළ 30/1 යෝජනා සම්මතයේ කාල සීමාව තවත් වසර 02කින් කල් දමා ගැනීමට බලාපොරොත්තු වනවා.
මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදිද අදහස් පළවුණා.
මේ අතර තම විශේෂ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් ජිනීවා නුවරට පිටත් කර යවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.