Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් දූෂණ සොයන, ජනපති කොමිසමට

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයන ජනපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම ගනුදෙනුව සම්බන්ධයෙන් මෙලෙස ජනාධිපති කොමිසමට පැමිණිලි කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි සභාපතිනී අනූෂා ජයන්ති සඳහන් කළේ.
මේ අතර, 2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි 450 ක් ලැබී තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ පැමිණිලි ලබාදීමට තිබූ කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් එය තවත් සතියකින් දීර්ඝ කළ බවයි.