Gossips

මධ්‍යසාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට නව දුරකථන අංක 3ක්

මධ්‍යසාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය නව දුරකථන අංක 3ක් හඳුන්වා දී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත නීතිවිරෝධී මද්‍යසාර මැඬ පැවැත්වීම සඳහා තොරතුරු ලබාදීමට පොලිපතිවරයාගේ නියෝගය මත පොලිස් මූලස්ථානය මෙම දුරකථන අංක හඳුන්වා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
ඒ අනුව අද සිට 0113 024 820, 0113 024 848 සහ 0113 024 850 යන දුරකථන අංක ඔස්සේ මධ්‍යසාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.