Gossips

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය 14 වනදා ඇරඹේ

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වනදා ආරම්භ වීමට නියමිතයි. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය දූෂණ වංචා විභාග කිරීමට මෙම අධිකරණය යොදාගන්නා බවයි.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළ අතර, එහි පළමු අධිකරණයේ කටයුතු මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා.