Gossips

අංගම්පොර, නීත්‍යානුකූල සටන් කලාවක් කිරීමට කැබිනට් අනුමැතිය

අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයයි මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ.
ඌව – වෙල්ලස්ස කැරැල්ලේ සෙන්පතිවරුන්ට සවියක් වූ අංගම්පොර, මේ වන තුරු තහනම් සටන් කලාවක් බවට පත්ව තිබෙනවා.
ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් විසින් තහනම් කර තිබූ මෙම සටන් කලාව නිත්‍යානුකූල කිරීම පමණක් නොව සුරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කරන්නට ද කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.