Gossips

ප්‍රධාන පෙළේ විශ්‍රාමික කාන්තා දේශපාලඥවරියකට ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා

ETI මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතාවයේදී ප්‍රධාන පෙළේ විශ්‍රාමික කාන්තා දේශපාලඥවරියකට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ලබාදී ඇති බවට එහි තැන්පත්කරුවන් චෝදනා කරනවා.
ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයට එරෙහිව කොළඹ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවකින් අනතුරුව ඔවුන් මෙම
අදහස් පලකළා.
තම තැන්පතු මුදල් ETI මූල්‍ය ආයතන විසින් යළි ලබා දීමට කටයුතු කර නොමැති බව පවසමින් අපරාධ නඩුවක් ලෙස ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ්‍ය
මණ්ඩලයට එරෙහිව එහි ගණුදෙනුකාරියක් විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකන් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට හා එහි කළමණාකාරීත්වයේ අසාර්ථක තීරණවලට විරෝධය පලකරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් ක් පමණ අද පෙත්සමක් අත්සන් තැබුවා.