Gossips

මන්නාරම සමූහ මිනීවලේ කාබන් වාර්තා සියල්ල අධිකරණයට

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් ඇමරිකාවේදී සිදුකළ කාබන් පරීක්ෂණයේ සියලූම වාර්තා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී තිබෙනවා.
පසුගිය මස 16 වනදා අස්ථි කොටස් සාම්පල් 5 ක කාබන් පරීක්ෂාව වාර්තා ඇමරිකාවේ – ෆ්ලොරිඩාහි බීටා ඇනලටික් රසායනාගාරයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත එවා තිබුණා.
එම වාර්තාවල තොරතුරු මන්නාරම මහේස්ත්‍රාත් ටී.සරවණරාජා විසින් ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ 6 වන සාම්පල් වාර්තාව ලැබී නොමැතිවීම හේතුවෙන්.
ඒ අනුව පෙරේදා එම වාර්තාව ද අධිකරණයට ලැබී තිබුණා.