Gossips

ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන්නැයි එෆ්.සී.අයි.ඩී. යට නියෝග

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.
මෙහිදී ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු යළි දීර්ඝ කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉල්ලීමක් කළ අතර, එය මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ මීට පෙර විවෘත වරෙන්තු නිකුත් කර ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ අංශ මෙතෙක් සමත් වී නොමැති බවයි.
ඒ හේතුවෙන් යළි යළිත් වරෙන්තු නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් හෝ දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත්තේ.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රුපියල් පන් කෝටි දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා.