Gossips

රටේ ආර්ථිකය ගොඩනැංවීමට දේශපාලනඥයින් කටයුතු කළ යුතු බව ජනපති කියයි

රටට සැබවින්ම ආදරය කරන දේශපාලනඥයින් රටේ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපති මන්දිරයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
මේ අතර, මෙය මැතිවරණ වසරක් බවත්, පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වුවත් පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී මහමැතිවරණයක් වුවද පැමිණිය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.