Gossips

කෝටි හතහමාරක කොකේන් සමඟ, විදෙස් ජාතිකයෙකු අල්ලයි

රුපියල් කෝටි හතහමාරක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 5 ක් සමඟ බොලීවියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක‍ෂ සුනිල් ජයරත්න කියා සිටියේ දිල්ලි අගනුවර සිට ඉන්දියන් ගුවන් සේවයට අයත් ඒ.අයි. 281 දරණ යානයෙන් මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
සැකකරු බ්‍රසීලයේ සිට මෙම කොකේන් තොගය ඉතියෝපියාව හරහා ඉන්දියාවට රැගෙන විත් ඉන් අනතුරුවයි ඒවා ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත්තේ.
ගමන් මළු දෙකක ව්‍යාජ ලෙස සැකසූ කොටසක මෙම කොකේන් තොගය සඟවා තිබියදියි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

rn