Gossips

අයවැය විවාදය අද සිට – වැගන් ආර් ලක්ෂ දෙකහමාරකින්, ඇල්ටෝ ලක්ෂ එකහමාරකින් සහ ඇක්වා ලක්ෂ 6 කින් ඉහළට

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා.
සම්ප්‍රදායනුකුලව අයවැය විවාදය ආරම්භ කරනු ලබන්නේ විපක්ෂය විසින් වන අතර අද සිට දින 06ක් දෙවන වර කියවීමේ විවාදය පැවත්විමට නියමිතයි. එහි ජන්ද විමසීම ලබන 12 වනදා පස්වරුවේ පැවැත්වෙනවා.
ඉන් අනතුරුව තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 13 වනදා සිට දින 19 ක් පැවැත්වෙනු ඇති.
අයවැය අවසන් ජන්ද විමසීම අප්‍රේල් 5 වනදා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
2019 වසර සදහා වන අයවැය පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්. එහිදී මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන බදු අද සිට ඉහළ නංවන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.
ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් එක්ලක්ෂ 50,000 කින් සහ සිලින්ඩර් ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් එක්ලක්ෂ 75,000 කින් ඉහළ නැංවෙනු ඇති.
සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද වැඩිකර ඇත්තේ රුපියල් ලක්ෂ 5 කින්.
එසේම සිලින්ඩර ධාරිතාව 800 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහනවල නිෂ්පාදන බද්ද රුපියල් දෙලක්ෂ 50,000 කින් සහ 1500ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් ලක්ෂ 5 කින් ඉහළ නංවා තිබෙනවා.
ත්‍රිරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළ නංවා ඇත්තේ රුපියල් 60,000 කින්. කෙසේ වෙතත් කිලෝවොට් 70ක ධාරිතාවයෙන් යුත් විදුලි මෝටර් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් එක්ලක්ෂ 75,000 කින් සහ කුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු අඩුකර තිබෙනවා.
මේ අතර, නිෂ්පාදන බදු වැඩිකිරීමත් සමඟ වැගන් ආර් රථයක්, රුපියල් දෙලක්ෂ පනස් දහසකින් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියේ ඇල්ටෝ රථයක් රුපියල් ලක්ෂ එකහමාරකින්, ඇක්සියෝ සහ ඇක්වා රථයක් රුපියල් ලක්ෂ 6 කින් පමණ ඉහළ යන බවයි.
එමෙන්ම, ප්‍රිමියෝ සහ සී.එච්.ආර්. රථයක්, රුපියල් ලක්ෂ 7 කින්ද ඉහළ යන බව ද ඔහු කියා සිටියා.rn