Gossips

දුම්වැටි රුපියල් 5 කින් ඉහළට – කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට

නව සමෘද්ධි ප්‍රතිලාභීන් හයලක්ෂයක් අලූතින් සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් කරගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරය ප්‍රතිසංවිධාන කරන බවයි.
එමෙන්ම සමෘද්ධිලාභීන්ට රුපියල් 30,000 ක මුදලක් තමන්ගේ ගිණුමෙන් ලබාගත හැකි බවද එහිදී ඔහු කියා සිටියා.
මේ අතර ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය කරන ආයතන සැප්තැම්බර් 1 වනදාට පෙර ලියාපදිංචි කළ යුතු බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.
නිෂ්පාදන බද්ද සංශෝධනය කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීම හේතුවෙන් දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ දමන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම බීඩි කොළ ආනයනය මත පනවා ඇති සෙස් බද්ද රුපියල් 1000 ඉහළ නැංවීම නිසා බීඩියක මිල ද ශත 50 කින් පමණ ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කළා.
කැසිනෝ මත පනවා ඇති වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 200කින් ඉහළ නංවා ඇති අතර, රුපියල් මිලියනයක රුජිනෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක්ද අයවැයෙන් හඳුන්වා දී තිබෙනවා.
එසේම ජූනි මස 1 වනදා සිට කැසිනෝ සඳහා ඇමරිකානු ඩොලර් 50 ක ඇතුලූවීමේ ගාස්තුවක්ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.
එමෙන්ම විශේෂ අරක්කු හැර අනෙකුත් මධ්‍යසාරවල සුරාබදු හෙට සිට ඉහළ දමා ඇති අතර, ඒ හරහා මධ්‍යසාර වර්ගවල මිල ගණන්ද ඉදිරියේදී ඉහළ යනු ඇති.
අයවැයෙන් ජූනි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍ර ගාස්තුද ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 3,000 ක්ව පැවති ගාස්තුව රුපියල් 500 කින් ඉහළ නංවා ඇති අතර, එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදි අයකළ රුපියල් 10,000 ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 5,000 කින්.
එසේම අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යබහුල වේලාවලදී අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින්ද අයවැයෙන් ඉහළ නංවා තිබෙනවා.