Gossips

යුද ජයග්‍රහණයට වසර 10ක් සපිරීම වෙනුවෙන් රණවිරු සැමරුම් වසරක්

යුධ ජයග්‍රහණයට වසර 10 ක් සම්පුර්ණ වීම වෙනුවෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පියවර ගෙන තිබෙනවා.
දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් ද ක්‍රියාත්මක කර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
විජයග්‍රහණයට වසර 10ක් සම්පූර්ණ වන මෙම වසරේ දී රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින් ඒ හා සමගාමීව ආරම්භ කර කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ විසින් අද (05) පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත පැලඳවීම ද සිදු කෙරුනා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ 2018 වසරේ රණවිරු කොඩි ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වූ බවයි.