Gossips

රටම බලාඉන්න මෙවර 2019 අයවැයෙන් වාහන මිලේ සිදුවන වෙනස මෙන්න

මෙවර අයවැය යෝජනාවලට අනුව සිලින්ඩර් ධාරිතාව CC 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 150000 කින් ඉහළදැමීමට යෝජනා කර තිබෙනවා.
මේ අතර සිලින්ඩර් ධාරිතාව CC 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 175 000කින් සහ සිලින්ඩර් ධාරිතාව 1300ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 500000කින් ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ .
සිලින්ඩර් ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 250000කින් ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ.
සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 500000කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කළා.
විදුලි මෝටර් රථ කිලෝවොට් 70 ධාරිතාව සහිත වාහන සඳහා නිෂ්පාදන බද්ධ 175000කින් අඩුකිරීමට යෝජනා කර තිබෙනවා.
මේ අතර ත්‍රිරෝද රථ සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 60000කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ.