Gossips

අකාලයේ අහිමි වූ සද්ධන්තයෙකුගේ ජීවිතය

හල්දුම්මුල්ල, වෑ එළිය, වල්මීතලාව ප්‍රදේශයේ දී වන අලියෙකු මියගොස් තිබෙනවා.
ඉඩමක් වටා ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම සත්වයා මිය ගොස් ඇති බවයි සැක පළකරන්නේ.
වන අලියා මිය ගොස් සිටි ඉඩම සොරගුනේ කුඩා කතරගම දේවාලයට අයත් ඉඩමක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
හපුතලේ වන ජීවි කාර්යාලයේ නිළධාරි පිරිසක් පැමිණ මෙම සත්වයා මිය යාමට හේතු වූ කරුණු නිරික්ෂණය කරන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.