Gossips

කිම් ජොං අන් යළි සිය රට පැමිණේ

ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා වියට්නාමයේ සංචාරයක නිතර වූ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද උදෑසන නැවතත් සිය රට පැමිණියා.
ඒ, වියට්නාමයේ සිට චීනය හරහා කිලෝමීටර් 4000ක දීර්ඝ දුම්රිය චාරිකාවක් නිමා කරමින්.
1964 වසරේ කිම් ජොං අන්ගේ මුත්තණුවන් වූ උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගෙන් පසු වියට්නාමයේ සංචාරය කළ ප්‍රථම උතුරු කොරියානු නායකයා වන්නේ ද ඔහුයි.
උතුරු කොරියානු වේලාවෙන් අද අලූයම 3ට මැදිරි 90කින් සමන්විත ආරක්ෂක භටයන් පිරිවරා ගත් හරිත දුම්රිය පියොංයැං නුවරට ළඟා වූ බව උතුරු කොරියානු නිළ ප්‍රවෘත්ති සේවය නිවේදනය කළා.