Gossips

තහීර් එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

දකුණු අප්‍රිකානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලානය තරඟාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
නවක දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමේ අවස්ථාව ලබාදීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි තහීර් ක්‍රීඩා මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කළ ද තමන් ඉදිරියටත් පන්දුවාර 20 පිටියේ රැඳී සිරින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
එක්දින තරඟ 95කට ක්‍රීඩා කර ඇති ඉම්රාන් තහීර් එහිදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 156ක්.
සෑම අවස්ථාවකදීම ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට ඇති බව පවසන තහීර් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ තමන් දැඩි අන්‍යෝන්‍ය අවබෝධයකින් පසුවන බවත් ඒ අනුව ඉදිරියට යමින් ලෝක කුසලානයෙන් පසුව සමුගැනීමට තීරණය කළ බවත් 39 හැවිරිදි ඉම්රාන් තහීර් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.