Gossips

රුසියාව න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් නිළ වශයෙන් ඉවත් වෙයි

සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර 1987 වසරේ ඇති කර ගත් න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් රුසියාව ඉවත් වන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ නිළ වශයෙන් නිවේදනය කළා.
ඒ සඳහා වූ නියෝගයකට රුසියානු ජනාධිපතිවරයා අත්සන් තැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රුසියාව අදාළ ගිවිසුම උල්ලංගණය කරන බව පවසමින් මාස 6ක් ඇතුළත න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය මාසයේ ප්‍රකාශ කළා. එහිදී ජනපති පුටින් කියා සිටියේ ඉන් වහා ඉවත්වීමට තම රට සූදානම් බවයි.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය මෙන් රුසියාව ද මැදි දුර න්‍යෂ්ටික මිසයිල සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ජනපති පුටින් සඳහන් කළේ නව අවි තරඟයක ආරම්භයක් සලකුණු කරමින්.