Gossips

ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවි, තනතුරු, පක්ෂ නොසලකා සැමට එකලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා අභියෝග සම්බන්ධයෙන් පැවති මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු අංශවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා තිබුණා.
rn