Gossips

චීනයේ ආරක්ෂක වියදම් ඉහළට

චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසි වාරය වෙත හෙට ඉදිරිපත් කෙරෙන අයවැය මගින් චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීම පිළිබඳ ඉගි කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
චීනය පසුගිය අයවැය මගින් ද ආරක්ෂක වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 175 දක්වා සියයට 8.1කින් ඉහළ නංවනු ලැබුවා.
එය ඇමරිකාවට පසුව ලොව විශාලතම ආරක්ෂක වැය මෙන්ම ඉන්දියාවේ ආරක්ෂක වියදම මෙන් තුන් ගුණයක්.
චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් විසින් මෙවර අයවැය මහජන කොංග්‍රසයට හෙට ඉදිරිපත් කරන අතර, ඊට පෙර අද පැවති මාධ්‍ය හමුවකදී මහජන කොංග්‍රසයේ ප්‍රකාශකයා කියා සිටියේ චීනය ආරක්ෂාව උදෙසා ප්‍රතිපාදන තවදුරටත් ඉහළ නැංවීමට සූදානම් බවයි.