ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට කිසිදු ආකාරයකින් බැණ තර්ජනය කිරීමක් සිදු නොකල බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති
තෙන්නකෝන් මහතා පවසනවා.
මේ අතර නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය චෝදනා කරන්නේ අදාල දරුවන් සිව්දෙනා පාසැලට ඇතුලත් කිරීමට කිසිදු උත්සහයක් නොදැරූ ආණ්ඩුකාරවරයා දැන් රඟපෑමක නිරතව සිටින බවයි.
දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා පාසැලේ විදුහල්පතිනියට දුරකතනයෙන් බැන තර්ජනය කළ බව කියන සිදුවීමක් වාර්තා වුණේ පසුගිය 27 වැනිදා රාත්‍රියේයි.
rnrn