Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරියා රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරීවරයා මේ මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔවුන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පළා ගොස් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුගෙන් හෙළි වූ කරුණුවලට අනුවයි ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකථන දෙක ද දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී සොයා ගනු ලැබුවේ.
එමෙන්ම ඝාතන සිද්ධියට අදාළව අඩවි වන නිලධාරියෙකු ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ සිරුරු පිළිස්සීම සඳහා වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිිතයේ ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙනුයි.rn