Gossips

මහනුවර නගරයේ නව රථ වාහන සැලැස්මක්

මහනුවර නගරයේ නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ උපදෙස් මත මහනුවර පොලීසිය මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර ඇත්තේ ඊයේ සිටයි.
ඒ අනුව, විලියම් ගොපල්ලව මාවත ඔස්සේ පේරාදෙණියෙන් සියලුම වාහන මහනුවරට ඇතුළු විය යුතු අතර, මහනුවරින් පිටවන සියලූම රථ වාහන උඩපාර පැරණි මාර්ගය ඔස්සේ ගමන් කළ යුතු බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම මාර්ග දෙකෙහි රථ වාහන ධාවනය කළ හැකි වන්නේ එක් දිශාවකට පමණයි.
මෙම රථ වාහන සැලැස්ම මගින් දීර්ඝ කාලයක් තිස්සේ පවතින රථ වාහන තදබදය අවම කිරීමට හැකිවන බවයි පොලීසිය සඳහන් කළේ.