Gossips

ඉන්දුනීසියාවේ රන් ආකරයක 100කට වැඩි පිරිසක් තවමත් සිරවී සිටින බවට තොරතුරු

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ කඩා වැටුණු නීතිවිරෝධී රන් ආකරයක 100කට අධික පිරිසක් තවමත් සිර වී සිටිනු ඇති බවට විශ්වාස කළ හැකි යැයි එරට බලධාරීන් ප්‍රකාශ කළා.
මෙම රන් පතලෙන් පුද්ගලයන් 19 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ අතර, නිළ වශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 9ක්.
කෙසේ නමුත්, කඳු බෑවුම් ප්‍රදේශයක පිහිටා ඇති රන් පතලේ ජීවිතාරක්ෂක මෙහෙයුම දුෂ්කර බැවින් සිර වූ තවත් 100කට අධික පිරිසක් එය තුළ මිය යා හැකි බව ඉන්දුනීසියානු ජාතික ආපදා මෙහෙයුම් ආයතනයේ ප්‍රකාශකයා සඳහන් කළා.