Gossips

රත්ගම සිද්ධියට ඇල්ලූ පොලිස් කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතන සිද්ධියට අදාළව පළා ගොස් සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ඒ, සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, සිද්ධියට අඩවි වන නිලධාරියෙකු ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ සිරුරු පිළිස්සීම සඳහා වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිිතයේ ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකථන දෙක ද දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී සොයා ගනු ලැබුවා.