Gossips

මත්ද්‍රව්‍ය සමඟ පොල්හේනේදී අත්අඩංගුවට 17 දෙනා අද අධිකරණයට – රංගන ශිල්පිනියකුත් අත්අඩංගුවට ගත් පිරිස අතර

කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ මාතර – පොල්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුව ගත් පිරිස අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොවුන් ෆේස් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැන හදුනාගෙන වැලිගම ප්‍රදේශයේ සාදයක් පවත්වා පොල්හේන ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී මෙම පිරිස ඊයේ (03) අත්අඩංගුවට ගැනුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු සිටින බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර, රංගන ශිල්පිනියක් ද වනවා.