Gossips

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු රත්ගමදී අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රත්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදියි යතුරුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අවුරුදු 21 ක් සහ 30 ක් වයසැති සැකකරුවන් මෝදර සහ දොඩන්දූව ප්‍රදේශවල පදිංචිකරුවන්.